පුස්තකාලයක් වුණු අපුරු බස් නැවතුම . . .

ඉංගිරියේ සිට බුලත්සිංහල දක්වා ගමන් ගන්නා මාර්ගයේ බෝතලේ ගංගොඩ ප්‍රදේශයේ පුස්තකාලයක් සමගින් බස්නැවතුම්පලක් ජනතා අයිතියට පත් කිරීමේ පුවතක් වාර්තා වෙයි.

බෝතලේ ගංගොඩ පදිංචි  එච්.එච්.සෝමා මහත්මිය තම නැසීගිය  එම් .එච්. සිංඤෝ   පියාණන්ට   සහ  එච්.එම්. සුදු කුමාරි මෑණියන්ට  සහ නැසීගිය තම විලියම් සාන්ත සහෝදරයාට පින් පිණිස මෙම ප්‍රජා සත්කාරය සිදුකර ඇත.

මෙම සංකල්පය ගෙන ආ ග්‍රාම නිලධාරී නලින් පියංකර  මෙසේ කීවේය.

මේ ස්ථානයට බස්  නැවතුම් පොළක් තිබුණ නැහැ. අව්ව වැස්ස පින්න මේ හැම දෙයක්ම දරාගෙන තමයි ගමනක් යන්න පැමිණෙන මගින් ඉන්නේ. මේ අතරතුර මගේ වසමේ සෝමා මහත්මිය දවසක් මාව හමු වෙලා කීවා එයාගේ මෑණියන්ගේ අවුරුද්ද පිංකමට මොකක් හරි ප්‍රජා සත්කාරයක් කරන්න ඕනේ කියලා. ඒ අනුවයි මම කල්පනා කලේ මගියා පාඨකයා කිරීමට  අලුත් සංකල්පයක්. ඒ අනුව තමයි මේ බස් නැවතුම් පොළ සහ පුස්තකාලය සෝමා මහත්මිය විසින් ඉදි කළේ.ළමා වැඩිහිටි හැමොටම ගැලපෙන පොත් මේ පුස්තකාලයේ තියෙනවා. ඒ විතරක් නෙමේ දවසේ පත්තර තියෙනවා. බස් නැවතුමේ බස් රථයක් එනතුරු බලන් ඉන්න මගියකුට මේ පුස්තකාලයේ පොත් සහ පත්තර කියවා බැලිය හැකියි..කියවලා අවසන් කර ගැනීමට නොහැකි වුවොත් නිවසට ගෙන ගොස් කියවා නැවත ගෙනවිත් තැබිය හැකියි..

මෙම අපූරු බස් නැවතුම්පළ විවෘත කිරීම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා ගේ මූලිකත්වයෙන් සිදු විය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගාසාවේ හදවත උදුරා ගනී . . .

Wed Nov 8 , 2023
මේ වන විට ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින් නතු කරගෙන සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ ය. එමෙන්ම මේ වන විට ගාසාවේ යුද ගැටුම් තීව්‍ර ස්භාවයක් ගෙන ඇත්තේ ඊශ්‍රායල හමුදා සිදුකරන ගොඩ බිම් ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ය. මාසයකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක ගාසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x