වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි . . .

නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි.

දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක, අරවින්ද් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, සෞඛ්‍ය අමතයාංශය සහ කාලගුණ විද්‍යාඥයන් හවුල් කර ගනිමින්, සාකච්ඡා පවත්වා නවදිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණින් මෙසේ කෘත්‍රිම වැසි ඇද හැලීමට සලස්වන බවය.

මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අපේක්ෂා කරන බව ද දිල්ලි මහ ඇමැතිවරයා පවසා තිබේ. මේ වනවිට ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම ඇත්තේ නවදිල්ලි අගනුවර යැයි පැවැසෙයි. වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ ප්‍රාථමික පාසලවලට නිවාඩු ලබා දී තිබේ.

  • එන්.ඩී.ටීවී
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අපේ ක්‍රිකට් කණ්ඩායම කටුනායකට . . .

Fri Nov 10 , 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් , මේ පිළිබඳ සියලු තතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x