අපේ ක්‍රිකට් කණ්ඩායම කටුනායකට . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් , මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්,පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාසල්රී මාවුසාකැලේ පිටාර මට්ටමේ . . .

Fri Nov 10 , 2023
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල  ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට  ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරු පැවසති. කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට  මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 37 වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි ජලාශය පිටාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x