කාසල්රී මාවුසාකැලේ පිටාර මට්ටමේ . . .

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල  ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට  ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරු පැවසති.

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට  මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 37 වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 06 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 03 දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

පවතින අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින අතර , පවතින වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටමට ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේය.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජන ජීවිත අඩාල කරන සිමෙන්ති කම්හලට ජනතා විරෝධය . . .

Fri Nov 10 , 2023
සිය ජන ජීවිතවලට එල්ලවන බලෑම් සම්බ්නධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරාංජි ග්‍රාම නිලධාරී වසමේ ඉදි කිරීමට සූදානම් වන ටෝකියෝ සිමෙන්ති කම්හලට විරෝධය දක්වමින් එම ග්‍රාම නිලධාරී වසමට අයත් ගම්මාන 05ක දහස් ගණනක ජනතාව අද (10) එම ප්‍රදේශයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. ධීවර රැකියාවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x