රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ . . .

රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ සැරිසැරීමත් සමඟ මහත් බියක් හටගත්තේය. සිංහයා සැරිසරන්න වූයේ ලැඩිස්පොලි  නමැති නගරයේය.

රාත්‍රි කාලයේ සිංහයා නගරයේ සැරිසරන අයුරු නගර වැසියන් දසුන් ජංගම දුරකතනවලින් පටිගත කර ඇති අතර, එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

‘කිම්බා’ නමැති මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයත් එකකු බවත්, ඌ සර්කස් කණ්ඩායමෙන් පැන ගොස් නගරයේ සැරිසැරූ බවත් පසුව අනාවරණය විය.

සිංහයා අල්ලා  සර්කස් කණ්ඩායමට බාර දුන් බව ද පැවැසිණි.

සර්කස්  කණ්ඩායෙම් භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටි සිංහයා අනතුරකින් තොරව, යළි අල්ලා ගැනීම හැකි වුණු බවය.

සිංහයා කූඩුවෙන් පැනගිය අයුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.

එය සර්කස් කණ්ඩායමට ප්‍රසිද්ධියක් දීමේ අරමුණින්, සර්කස් කණ්ඩායමේ පිරිස් හිතාමතා කළ බොරුවක් විය හැකි බව පොලිසිය පවසා ඇත. පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රෝහණ විජේවීරගේ අවසන් පැය 72 . . .

Mon Nov 13 , 2023
ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භක නායක රෝහණ විජේවීර ඝාතනයට ලක්වී 2023 නොවැම්බර් 13 වැනිදාට වසර 34කි. ඒ වෙනුවෙන් 34 ඉල්මහ විරු සමරු වැඩසටහන් ගණනාවක් රට පුරා ස්ථාන රැසකදී පැවැත්විණි. රෝහණ විජේවීරගේ අවසාන දින කිහිපය ගැන වඩාත් හොඳින් දන්නා පිරිස සිවුදෙනෙකි. ඒ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී විජේවීර, අවසානයේ ජීවත්වීමට ‘වාසනාව’ ලැබූ එකම දේශපාලන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x