IPL වෙන්දේසියෙන් ශ්‍රී ලංකා සියළු ක‍්‍රිඩකයන් ඉවතට . . .

මීලග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන 19දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ද මෙවර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එළියෙ පවත්වා ඇති ජාත්‍යන්තර තහනම හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙන්දේසියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රීමියර් ලී තරගයට සහභාගි වන කණ්ඩායම් රැසක් මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියත් ඒ ආසන්න තරගවලදීත් සැලකිය යුතු දස්කම් ඔවුන්ගෙන් මතු නොවීම හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළ ශ්‍රේණිගත කිරීම් වල නොසිටීමයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහේලගෙන් ලොකු අයියාට ලියුමක් . . .

Tue Nov 14 , 2023
ටී-බනිස් සාක්කුවේ දාගෙන, ජාතික වගකීම කරට අරන් පිටියට ආපු ලොකු අයියාට මහේලගෙන් ලියුමක් අයි. සී. සී සදාතනික විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට එක් වූ සුපිරි පිතිකරු අරවින්ද දි සිල්වාට, අදාළ ලැයිස්තුවේ සාමාජිකයෙකු වන මහේල ජයවර්ධන සුබ පැතුම් එක් කරමින් යොමු කළ ලිපියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළ කොට තිබුණි. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x