ක්‍රිකට් තහනම ඉල්ලා ඇත්තේ ශම්මි සිල්වා . . .

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම දේශපාලන අතපෙවීමක් නිසා පැනවූ තහනමක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඉල්ලීමක් කර ලබාගත් තහනමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

තමා අසත්‍යයක් පවසන්නේ නම් මේ පිළිබඳව පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගෙන් විමසීමක් කරන ලෙසද විපක්ෂ නායකවරයා කතානායකවරයාට පවසා සිටියේය.

‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක් කිව්වා අපේ රටට ක්‍රිකට් අහිමි වෙන්න යනවා කියලා, ක්‍රිකට් තහනම් වෙන්න යනවා කියලා. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාටත් මේ රටේ විවිධ විමර්ශන කරන කණ්ඩායම්වලටත් සොයා බලන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම ශ්‍රී ලංකාව තහනම් කරන්න කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කළේ කවුද කියලා. ඒ ඉල්ලීම කරපු පුද්ගලයාව තමයි අද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රකින්න ඉදිරිපත්වෙලා ඉන්නේ. එනිසා මේ ක්‍රිකට් තහනම යෝජනා කරපු අයව මේ ආණ්ඩුව රකිනවා නම් මේ තහනමට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් වගකියන්න ඕන. ක්‍රිකට් තහනම ලැබුණේ අයිසීසීයට කරපු ඉල්ලීමක් පරිදි. ඒ ඉල්ලීම කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්. ඒක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ‘සූම්’ සාකච්ඡාවකදී අදාළ ඉල්ලීම කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා. මම බොරුවක් කියනවා නම් පාකිස්ථානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එම සූම් සාකච්ඡාවට සහභාගිවූ පාකිස්ථානු ක්‍රිකට් නියෝජිතයාගෙන් අහන්න පුළුවන්. ශ්‍රී ලංකාව නියෝජනය කරපු නියෝජිතයා (ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාව තහනම් කරන්න කියලා. එනිසා මේ ක්‍රිකට් තහනමට වග කියන්න ඕන මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය රකින ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බව බොහොම පැහැදිලිව කියන්න ඕන’ යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට කරුණු සඳහන් කර සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද, ගෝටා, බැසිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සාකච්චා . . .

Fri Nov 17 , 2023
ශ්‍රී ලංකාව බංකොලොත් කරන කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති තීරණය අනුව ඊට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගය වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික‍්‍රම සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම කටයුතු සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x