කර්මාන්තශාලා වසා හිමිකරුවන් රැසක් රටින් පිටවෙති . . .

රට තුළ ඇති කර්මාන්තශාලාවල නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් 25% දක්වා අඩු වී ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි ද පැවසූ මන්ත්‍රීවරයා තත්ත්වය අවම කර ගැනීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළක් දැනටමත් රජයට ඉදිරිපත් කර ඇතැයිද පැවසීය.

මෙරටට බලපා ඇති ආර්ථික අර්බුදය මත ඇඟලුම් කර්මාන්ත ශාලා බොහොමයක් වසා දමා හිමිකරුවන් විදේශ රටවල එම කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

විදුලි ගාස්තු, තීරුබදු, කර්මාන්ත පිරිවැය ඉහළ යාම මෙන්ම ජාත්‍යන්තර වෙළදපොල තරගකාරිත්වය විශාල වශයෙන් පහළ ගොස් නව ඇනවුම් ලැබීම අඩු වීමද මෙම තත්ත්වය කෙරෙහි බලපා ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකු ලොක්කෙක් ඉල්ලා අස්වෙයි . . .

Sun Nov 19 , 2023
ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය සාමාජිකයන් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඔහු ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් මතද ඒ මෙතෙක් හෙළි වී නැත. ඔහු මීට පෙර පැවැති ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය. පෙර පැවති මුදල් මන්ඩලයේ සාමාජිකයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x