රාජිතගේ අල්ලස් නඩුව අනිද්දා සිට විභාගයට . . .

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට  පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව හෙට 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ට අද (22) තීරණය කළේය.

මෙම නඩුවට අදාළ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් පසු විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත්වු කරුණු පිළිගනිමින් විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

2014 වසරේ අගොස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවු බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දුෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ  සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු නම් කොට ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55 ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාන්ඩ ලේඛණයක් මඟින් අධිකරණයට දැනුම් දී ඇත.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ  ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමණාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ අයයි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා නඩුව හෙට 22 වැනිදා වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

  • මනෝප්‍රිය ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් . . .

Wed Nov 22 , 2023
අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා වැය ශීර්ෂයන් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියේය. එහි දී යෝජනාවට පක්ෂ ව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි විය. ඒ අනුව ශීර්ෂ අංක 01 සංශෝධන සහිත ව කාරක සභා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x