සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් . . .

අද (නොවැ. 22) සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී සනත් නිශාන්තට පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීම අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (නොවැ. 21) අදහස් පළ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම අවස්ථාවේ වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂ නායකවරයා ඉදිරිපිට රැඳී සිටිමින් ඔහුට ආරක්ෂාව සැලසූ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වීය.

එම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් ස්ථාවර නියෝග ප්‍රකාරව එම පියවර ගත් බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සේවය අත්හිටුවමින් කතානායකවරයා කළ ප්‍රකාශය;

“ඊයේ දින සභාවේ සිදු වූ බරපතළ විනය විරෝධී තත්ත්වය මා තරයේ හෙළා දකින අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 හි විධි විධාන ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත ගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව මම නියෝග කරමි”.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කැලේ කිතුල් මදින්න අවසර . . .

Wed Nov 22 , 2023
වනජීවී හා වන සංරක්ෂණ කලාප වල ඇති කිතුල් ගස් මැදීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට කැලයට ඇතුළුවීම සඳහා අවසර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. වන සංරක්ෂණ කලාපවල කිතුල් මැදීම සඳහා අවසර දෙන ලෙස අමාත්‍යවරයා වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x