නව පරිසර හිතකාමී සංචාරක කලාපයක් . . .

පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර ඇති පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ ගම්පහ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පීහු අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (24) එය සංවිධාන කර තිබිණ.

මහර සංවර්ධන සැලැස්ම මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සැලැස්ම යටතේ පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ.

“Travel to pilikuththuwa” ලෙස එම ව්‍යාපෘතිය නම් කර ඇත.

අඩි 400 – 450 ක් පමණ උස කදු ගැටයක් සහිත අක්කර 250 ක් තරම් භූමි භාගයක මෙම පිළිකුත්තුව කන්ද පිහිටා තිබේ. ඉන් අක්කර 52 ක ප්‍රමාණයක් පිළිකුත්තුව රජමහා විහාරය සතු වෙයි. පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමිය මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානයක් ලෙස සැලකේ. බස්නාහිර පළාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙස ද එය හැදින්වෙයි. මෙහි ගල් ලෙන් 99 ක් පමණ තිබෙන අතර ඒ අතර කටාරම් රහිත ලෙන් කිහිපයක්ද දැකිය හැකිය. එම කටාරම් රහිත ලෙන් තුළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇතැයි සැලකේ.

පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස පමණ වන තෙක් අතීතයට දිවෙයි. එම කාලයේදී මෙම වණ අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පිරිදි වැඩි දියුණු කොට තිබු බව පුරාවිද්‍යා ලේඛන වල සදහන්ය. මෙම විහාරස්ථානය දේවානම්පිය තිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් ලෙසත් සැලකේ. මෙම ප්‍රදේශයේ කරනු ලැබු කැණීම් වලදී ඉපැරණි පොසිල, රක්ත වරණ වළං කැබලි, පබළු වර්ග, ගල් ආයුධ සහ පොලොන්නරු යුගයට අයත් කාසි වර්ග හමුවී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන චාරිකාව පැවැත්විණ. මෙම අධ්‍යයන චාරිකාවට නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ, කලුතර සහ බස්නාහිර පළාත් කාර්යාලවල සැලසුම් නිළධාරීන් සහභාගී වූහ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිරි ලකේ හොර වෙද්දු . . .

Sun Nov 26 , 2023
මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වුව ද අදාළ වෛද්‍යවරුන් පිරිස සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. මීට අමතර ව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x