සිරි ලකේ හොර වෙද්දු . . .

මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වුව ද අදාළ වෛද්‍යවරුන් පිරිස සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

මීට අමතර ව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 26,650 දෙනෙකු අතරින් 3,827 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබුණ ද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු ව නොමැති බව ද සඳහන්ය.

මේ හේතුවෙන් මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතික අවභාවිත කිරීමේ ඉඩකඩක් පවතින බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රට හදන ඇත්තන්ගේ ලයිට් බිල් පොලු . . .

Sun Nov 26 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් පසුගිය වසර අවසන් වන විට අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x