රනිල් නයෙක්, කොයි වෙලාවෙ හරි දශ්ඨ කරනවා . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නයෙක් බවත් කුමන හෝ වෙලාවක දක්ෂ දෂ්ඨ කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසා ඇති බවට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සඳහන් කළේය.

කොළඹ සුපිරි හෝටලයකදී තමා මිත්‍රයෙකු හරහා නාමල් රාජපක්ෂ මෙම පණිවිඩය එවා තිබූ බවද ඇමතිවරයා පැවසීය.

නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඒ මොහොතේ ම ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ තමන් ඒ ආකාරයේ ප‍්‍රකාශයක් නොකළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත් ය.

පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර පෞද්ගලික මඩ ගැසීම වහා නැවැත්විය යුතු බවත් ඒ සදහා අනිවාර්‍යෙන්ම අළුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කලයුතු බව ඔහු පැවසීය.

‘අපි 225 ම එකතු වෙලා විනය හැසිරීම කතාව පාලනය කල යුතුයි.පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක,අධිකරණයට අපහාස කිරීම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම වහාම නතර කල යුතුය.

පාර්ලිමේන්තුව තුල ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සංශෝධන හෝ නව නීති ගෙන ආයුතුය’

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රභාගේ උපන්දිනයට කේක් කපන්න ගිය කතක් මාට්ටු . . .

Mon Nov 27 , 2023
සුභ උපන්දිනයක් වේවා ප්‍රභාකරන් අයියා- සභාපති යනුවෙන් සඳහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකලපුව කොක්කඩිචෝලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (26) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම කාන්තාව  සන්තකයේ මෙම උපන්දින කේක්  ගෙඩිය ට අමතරව පොපිමල්, පොල් තෙල්, ඉටිපහන් ඇතුළු ද්‍රව්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x