හොර අධ්‍යාපන සහතික දෙන ආයතනයක් වටලයි . . .

ජාත්‍යන්තරය පිළිගත් ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනයක් බව හඟවා ,පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව ලබා දෙන සහතිකයට විදේශ රැකියාවක් ද ලබාගත හැකි බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එහි අධ්‍යක්ෂිකාවක් බව කියන කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි.

අධ්‍යක්ෂවරයෙකු බව හඟවමින් සිටි පුද්ගලයෙකු සිද්ධියත් සමඟ පලා ගොස් ඇත.

එම වංචාවට හසු වූ පුද්ගලයන් 19 දෙනෙකු බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර තවත් පුද්ගලයන් 60 ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ සිව්මහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන අධ්‍යාපන ඩිප්ලෝමා ආයතනයක කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසියට ලද තොරතුරකට අනුව එහි ගිය බම්බලපිටියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ  ඇතුළු කණ්ඩායමක් දෙපිරිසම පොලිසියට රැගෙන විත් සිදුකළ විමර්ශනයේදී ඒ බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වැඩිහිටි සාත්තු සේවා ,ළමයි බලා ගැනීම ආදී වෘත්තීයන් සඳහා පුහුණුවක් දෙස් විදෙස් විශේෂඥ උපදේශකයන්ගේ සැදුම් ලත් කණ්ඩායමකින් මාස හයක පාඨමාලාවක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ජාත්‍යන්තරය පිලිගත් ඩිප්ලෝමා සහතිකය ලබාගෙන විදෙස් රැකියාවක් පහසුවෙන් ලබා ගන්නා ලෙස අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර මෙම වංචාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහි සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් අය කර ඇතැයි ද පොලිසිය කියයි.

එම දැන්වීම අනුව පුද්ගලයන් අසූ දෙනකු පමණ අදාළ ආයතනයට මුදල් ගෙවා අන්තර්ජාලය ඔස්සේ පාඨමාලාව හදාරා ඉකුත් සැප්තැම්බර් මාසයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊට අදාළ සහතික පත්‍ර ද ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම සහතික පත්‍රයේ අත්සන යොදා ඇති ස්ථානයේ ඔහු කවුද යන්න සඳහන් කර නොමැති වීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සහතික ලබා පත්‍ර ලබාගත් කීපදෙනකු අදාළ ආයතනය වෙත ගොස් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නොසන්සුන්තාවය ඇති වී තිබී යැයි පොලිසිය කියයි.

විමර්ශනය සිදු කළ පොලිසිය අදාළ ආයතනය තෘතීක වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා සිදුකළ විමර්ශන වලදී කිසිදු ලියාපදිංචියක් නොමැති බවට අනාවරණය විමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

23 හැවිරිදි සැකකාරිය ගිරිඋල්ල පදිංචිකාරියකි.

පලාගිය සැකකරු මට්ටක්කුලියේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් ගේ උපදෙස් මත අපරාධ නර්තන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ ගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන 14014 උදය කුමාර 56277 රත්නායක කාන්තා පොලිස් කොස්තාපල් 11820 භාග්‍යා  පරීක්ෂණ පවත්වයි.

  • බණ්ඩාරගම – බිමල් ජයසිංහ

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මතට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයට නව වැඩපිළිවෙලක් . . .

Wed Nov 29 , 2023
මතට ඇබ්බැහිවුවන්ට ඉදිරියේදී සිය කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් හරහා පුනරුත්ථාපනය සදහා යොමු වීමේ අවස්ථාව ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. පොලොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සදහා ඊයේ (28) පැමිණි අතර එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x