පිළිකා බෙහෙත් පේමන්ට් එකේ . . .

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 

එම කාර්යාලයට ලැබී ඇති තොරතුරක් මත අදාල ස්ථානය අසල රැඳී සිටියදී යතුරු පැදියක කූල් පෙට්ටියක තුල අසුරා ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.

පිළිකා රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ වර්ග , තමාට  අලෙවි නියෝජිතයෙකු විසින් ලබාදෙන බවත් තමන් වෙත යොමු කරනු ලබන රෝගීන්හට ඖෂධ අලෙවි කරනු ලබන බවත් ඔහු පවසා තිබේ.

ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවත් ඔහු සන්තකයෙහි රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් සහ ඖෂධ වර්ග 16 ක්  තිබූ බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර පැවසීය.

  • තිලකරත්න දිසානායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් පෙර තැනටම . . .

Thu Nov 30 , 2023
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදානය යොමු වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය. එම සේවකයන් පෙර සේවා ස්ථානයටම යළි අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අභියාචනා ඉදිරිපත් කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x