පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් පෙර තැනටම . . .

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදානය යොමු වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

එම සේවකයන් පෙර සේවා ස්ථානයටම යළි අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් 3000 කින් පමණ අභියාචනා සළකා බලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන බවත් එම සේවකයන්ට කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස කොන්දේසියක් පනවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශබන්දුට අගරදගුරුගෙන් දැඩි ප‍්‍රහාරයක් . . .

Thu Nov 30 , 2023
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිකුළෙන් යුතුව හෙළා දකී. කතෝලික සභාව අවධාරණය කරන්නේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම කතෝලික සභාව දැඩි ලෙස හෙළා දකින බවය. මෙම පත්කිරීම පාස්කු වින්දිතයින් විශාලතම අවමානයක් ලෙස අගරදගුරු හිමියෝ කියා සිටිති. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x