පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි අපවත් වෙයි . . .

ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක 83 වැනි වියේ පසු වූ අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ.

උන්වහන්සේ, මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත.

යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධුරය හෙබවූ පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි සිදු කළ ශාසනික සේවාව අවස්ථා කිහිපයක දී ම ඇගයීමට ලක් ව තිබේ.

උන්වහන්සේ, උසස් පෙළ බෞද්ධ ධර්ම සංඝාය, ලේඛන රේඛා සහ හින්දු ආර්ය සංස්කෘතිය, වන්දනා ගාථා සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු ග්‍රන්ථ රැසක් ද රචනා කළ හිමි වියත් යතිවර නමකි.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බන්දුල විජේවීරගේ නිවසට කලාකරුවන් නෑගම් ගිහින් . . .

Fri Dec 1 , 2023
ප්‍රවීණ ගී පද රචක සහ ගායන ශිල්පී බන්දුල විජේවීර කලා ශිල්පියාණන්ට දිගාසිරි පතා අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජික කලා ශිල්පීන් සහ ප්‍රදේශයේ කලාකරුවන් එක්ව බන්දුල විජේවීර මහතාගේ නිවසට පුරාණ චාරිත්‍රානුකූල සිරිතට අනුව අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට නෑගම් යාම සිදු කෙරිණි. එහිදී සංස්කෘතික බල මණ්ඩලයට අයත් සාමාජික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x