බාර් විවෘතව තබන වේලාවේ වෙනසක් . . .

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. 

ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ඔහු පව්සායි.

ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරාසල් ව්‍යාප්තිය ද හේතුවක් වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩයනා ඇතුළු තිදෙනාට පාර්ලිමේන්තුව තහනම් කරයි . . .

Fri Dec 1 , 2023
රාජය ඇමති ඩයනා ගමගේ පාර්ලිමේන්තු කොරිඩොවකදී තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග ගැටුම් ඇති කරගැනීම සම්බන්ධයෙන් එම තිදෙනාගේම පාර්ලිමේන්තු පැමිණිම මාසයකට තහනම් කර තිබේ. මෙම තහනම සිදු කර තිබෙන්නේ අදාල ගැටුම සම්බන්ධයෙන් පත් කළ විනය කමිටුව මගිනි. චමල් රාජපක්ෂ එහි සභාපති ලෙස ක්‍රියා කළ අතර මෙම ගැටුමට සම්බන්ධ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x