දඩ කොළ ගෙවන්න තැපැල්හල් පැය 24 ම වැඩ . . .

රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැවොලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාලවලින් පැය 24 පුරා දඩ කොළ ගෙවිය හැකි බව රථවාහන කොට්ඨාසය කියයි.

  • ගයාන් සූරියආරච්චි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුවෙ මන්ත්‍රීන්ට බදු ලිපි ගොනු . . .

Sat Dec 2 , 2023
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x