මඩු රක්ෂිතය වනසමින් කළ මහා වැලි ජාවාරම . . .

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් පනිකක්ද මඩු රක්ෂිතයට අයත් ප්‍රදේශයේ ගොඩ වැලි නිධි හාරා වැලි ඉවත් කිරීමේ මහා ජාවාරමක් කොටුකරගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා විශේෂ කාර්යය බලකාය , සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව වැටලීමක් සිදුකර ඇත.

මෙම ජාවාරම සිදුවන ස්ථානයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් ජයපුරම් පොලිස් ස්ථානය පිහිටා ඇති බවත් පොලිසිය ඉදිරිපිටින් වැලි ප්‍රවාහනය කරන හොර ජාවාරම්කරුවන් යෑම විමතියට කරුණකි.

එසේම මේ සඳහා යොදාගත් ටිපර් රථවලින් තුනක් පොලිසියේ නිලධාරීන්ගේ බවට තොරතුරු වාර්තා වේ. තවද මෙම ප්‍රවාහන කටයුතු සිදුකරන්නේ සම්පූර්ණයෙන් ව්‍යාජ බලපත්‍ර මත බව අනාවරණය විය.

දීර්ඝ කාලයක සිට පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවත් , රජය සතු වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වසර ගණනාවක් මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවත් හෙළිව ඇත.

ත්‍රස්තවාදීන් ග්‍රහණයේ පැවැති මෙම භූමිය එම අවධියේ වැලි ජාවාරම් සිදු නොවීම ද විමතියට කරුණකි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IPL හී ලොකුම ලංසුවක් මැතිව්ස්ට . . .

Sat Dec 2 , 2023
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x