සාටක පැළඳ පාර්ලිමේන්තු ආ සජිත් . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදු සහ කළු පැහැති සාටකයක් පැළැඳ අද (7) පාර්ලිමේන්තුවට සහභාගී වී සිටියා.

ඒ, ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා තමන් මෙම සාටකය පැළඳ පැමිණි බවයි ඔහු සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

”දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.”

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති . . .

Thu Dec 7 , 2023
වරාය වෘත්තීය සමිති එකමුතුව ‘බයිලා එපා වැටුප් වැඩි කරනු’  යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. කොළඹ කොටුව සහ අවට මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතී. රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් වහාම ඉල්ලා සිටීම සහ බදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x