කතරගම ප්‍රධාන කපුවා ඇල්ලීමට නියෝග . . .

රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපුවා සහ දේවාලයේ ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා ය.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී​.ජේ. නිශාන්ත යටතේ විමර්ශන ඇරඹී තිබිණි.

එහිදී කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා ප්‍රකාශ මගින් ලබාදී ඇත්තේ තම පුතාගේ අපලයන් දුරුවන්නට පුතුගේ නම කෙටූ රත්‍රන් තැටියක් කතරගම දේවාලයට පූජා කළ බවය.

දරුවාගේ වයසට සරිලන පවුම් පහක් පූජා කිරීමට ගියද පසුව දේවාලයේ කපුවන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් තිස්අටක් බරැති රත්රන් යොදා තැටිය හැදු බවද හෙළි වී ඇත.

කතරගම​ හෝටලයක අරක්කැමියකු වූ සුජිත් ප්‍රසන්න නමැත්තාට අංගොඩ ලොක්කා ඉමෝ තාක්ෂණයෙන් කතා කර රත්‍රන් තැටිය සාදා දීමට කටයුතු සලසා දෙන්නැයි කී බවත් ඒ අනුව කඩුවෙලට ගිය පසු අං​ගොඩ ලොක්කාගේ ගෝලයන් ගෙනවිත් දුන් රත්‍රං බිස්කට් කතරගම රන් බඩු සාදන අයෙකුගෙන් උණුකර තැටිය සකස් කර දුන් බවත් හෙළි වී ඇත.

ඒ අනුව 2019 ජූලි 3දා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ දරුවා රැගෙන ගොස් පූජා කළ බවත් එහි පූජාව කළේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක බවත් හෙළි වී තිබේ. කතරගම මහා දේවාලයේ කපුවන් 15 දෙනෙකු සේවය කරන බවත්, සෑම මාසයකම මාසය භාර කපුවා ලෙස නම්කරන අය එම මාසයේ පූජා කරන මුදල් හා දේපළ ලබාගෙන ඇති බවත් හෙළි වී ඇත. බැතිමතුන් පූජා කරන වටිනා භාණ්ඩ දේවාල මාලිගාවේ ගබඩා කර තැබිය යුතු අතර එයට ඇතුළු වීමට අවසර ඇත්තේ කපුවන් 15 දෙනාට සහ බස්නායක නිලමේවරයාට පමණි.

අංගොඩ ලොක්කාගේ බිරිඳ පැමිණ රන් තැටිය පූජා කරන මාසයේ තේවාව භාරව සිට ඇත්තේ ප්‍රධාන කපුවා බවත්, ගබඩාව භාර කපු ධුරන්දර සමන් ප්‍රියන්ත විසින් එය පූජා කර සති දෙකකට පසු සොමිපාල රත්නායක ප්‍රධාන කපුවාගේ කාමරයට එම රන් තැටිය ගෙනගොස් තැබූ බවත් ප්‍රකාශ ලබාදීමේදී හෙළිකර ඇත.

මෙය අතුරුදන් බව බස්නායක නිලමේවරයාට ලද නිර්ණාමික ඇමතුමකින් පසු කරන ලද පැමිණිල්ලෙන් පසුව කපුවන් ගෙන්වා තොරතුරු විමසා ඇත.

මෙම රත්‍රං තැටිය පූජා කර දවස් තුනක් එය දේවාලයේ තැබූ පසු අංගොඩ ලොක්කාගේ බිරිඳ එය නැවත රැගෙන ගිය බවට බස්නායක නිලමේට බොරුවක් කියන ලෙසට ප්‍රධාන කපුවා තමාට දැන් වූ බව මෙය පූජා කිරීමට මැදිහත් වූ අරක්කැමියා විමර්ශනවලදී පවසා ඇත.

මෙම සිද්ධියෙන් කපුවන්ට අපකීර්තියක් වන නිසා රත්‍රං බන්දේසියක් නැවත සාදා දේවාලයේ තැන්පත් කිරීමට කටයුතු කළ බව ප්‍රධාන කපුරාල හා ගබඩාව භාර කපුරාලගේ ප්‍රකාශවලින් හෙළි වී තිබේ. ඒ අනුව පූජා කරන ලද රන්තැටිය ලෙස හඟවා 2021 ඔක්තෝබර් 26 දින නැවත දේවාලයට රන් තැටියක් භාරදී ඇති බවත් හෙළි වී ඇත.

සොමිපාල කපුවා හෙවත් සිය මුත්තා බේරාගැනීමට කලින් රන්තැටිය නිර්මාණය කළ කතරගම මාලන් නමැති අයට රුපියල් ලක්ෂ 41ක් දී නැවත රත්‍රං තැටියක් සාදාගත් බවත් එය මුලින් සාදා රැගෙන ​ගොස් මුත්තාගේ උපදෙස් මත දේවාලයට නැවත තැටිය ගෙනවිත් දුන් බවත් සමන් ප්‍රියන්ත හෙවත් චූටි කපුවා විමර්ශනවලදී හෙළිකර තිබේ. අතුරුදන් කළ තැටියේ අනුරුව නිර්මාණය කර නැවත දේවාලයේ තැන්පත් කර ඇත්තේ පොලිස් විමර්ශන යන අතරතුරේදීය.

මේ සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය බී 73047/2021 යටතේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව නීතිපති උපදෙස් ඊයේ (7 වැනිදා) වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබිණි.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

NLDB සියළු ගොවිපල ඉන්දියාවට . . .

Fri Dec 8 , 2023
ඉන්දිය සහ ශ්‍රී ලංකා සමාගම් 02 බද්ද වියාපෘතියක් සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය සතු සියලු ගොවිපළ බදු පදනම යටතේ ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ 32 අක්කර 32000ක් බදු පදනම යටතේ ලබාදීමට නියමිතයි. ඒවායේ සතුන් සහ ඉඩම්වල වටිනාකම් තක්සේරු කිරීම මේවන විට සිදු කෙරෙන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x