වයඹ ගුරුවරුන්ට ටියුෂන් තහනම් . . .

වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය 2024.01.01 දින ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.

වයඹ පළාත් පාසල් වල සියළුම විදුහල්පතිවරුන් වෙත මේවනවිට නිකුත් කර ඇති බවද එම චක්‍රලේඛය කඩ කරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදු වන බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන බවද එහි සඳහන්ය.

ඇතැම් ගුරුවරුන් තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්ති වල සිටින සිසුන්ව නොසළකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ උපදෙස් අනුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නයනා කාරියවසම් තම නිවේදනය මඟින් කියා සිටී.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කීරි සම්බා ආනයනයෙන් රජය ඉවත් වෙයි . . .

Thu Jan 4 , 2024
කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඔහු කියාසිටියේ, රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බවයි. සහල් මිල ඉහළ යාමත් සමඟ කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x