අයිස්ලන්ත නගරයක් වැනසෙයි . . .

අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවය.

අයිස්ලන්තය ගිනි කඳුවලින් බහුල දූපත් රාජ්‍යයකි. 3,76,000 ක ජනගහනයක් වෙසෙන අයිස්ලන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවත්, යුරෝපයත් මායිම් වන ස්ථානයේ උතුරු අත්ලාන්තික් සාගරයේය.

ලාවාවලින් විනාශ වූයේ රෙජවික් අගනුවර සිට කිලෝ මීටර් 70 ක් දුරින් පිහිටි ග්‍රිඩාවික් නමැති කුඩා ධීවර නගරයයි.

නගරය අසල ගිනි කඳු විවරවලින් ලාවා මතුවීමට පටන් ගත්තේ පසුගිය නොවැම්බරයේය. ඒ අනුව, එදා සිට ග්‍රිඩාවික් නගරයෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. එහෙයින්, ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි . . .

Mon Jan 15 , 2024
බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සවය ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය. 32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි. අබ්දුල් මාටීන් කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, හමුදා නිලධාරියකු වීම නිසාත්ය. ආසියානු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x