අන්තරේ පාගමනට අධිකරණ නියෝගයක් . . .

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අද දින 2 සිට කුරුඳුවත්ත විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා පාගමනින් ගමන් කිරීමට අදහස් කර ඇති බැවින් හටගන්නා පීඩාකාරී තත්ත්වය මඟ හැරීම සඳහා මෙම අධිකරණ බලසීමාවට අයත් කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා භාවිත කළ නොහැකි බවටත් අධිකරණය දැනුම්දී ඇත.

එමෙන්ම අද උදෑසන 11 සිට හෙට උදෑසන 11 දක්වා පැය 24ක කාලයක් තුළ ඉහළ වගඋත්තරකරුවන් විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් මාළිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක විසින් නියෝගයක් ලබාදී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් . . .

Wed Jan 17 , 2024
හිටපු  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, වෛද්‍ය සපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 5⁣ දෙනා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය අද (17) නියෝග කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x