ක්‍රිප්ටෝ වෙසින් එන මුදල් වංචා වැඩි වෙයි . . .

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බවට හඟවමින් සිදු කෙරෙන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ඉහළයෑමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

මේ නිසා වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් රැක ගැනීමට සුපරික්‍ෂාකාරීව සිටින ලෙසත්, වංචාකරුවන් විසින් මේ සඳහා යොදාගන්නා උපායන් පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

බොහෝ විට එම ආයෝජනවලින් ලැබූ ඉපයුම් පිළිබඳ අතිශයෝක්තියෙන් සමාජ මාධ්‍යවල පළ කිරීම මින් එක් ප්‍රධාන උපක්‍රමයක් බවත් මෙමගින් එම යෝජනා ක්‍රම නීත්‍යානුකූල බව හඟවා අලුතින් පිරිස් එම වංචනික ආයෝජන ක්‍රමවලට ආකර්ෂණය කරගනු ලබන බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් යෝජනා ක්‍රම ලෙස නම් කළ ඇතැම් ආයතන විසින් ක්‍රිප්ටෝ මුදල් යෙදවීම ප්‍රවර්ධනය කර ඇති බව නිරීක්‍ෂණය වී ඇතැයි ද මහ බැංකුව කියයි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂාකාරී වන ලෙසත් මහජනයාගේ සුපරීක්‍ෂාකාරී බව ක්‍රිප්ටෝ මුදල් ආයෝජන වංචා මැඩපැවැත්වීමට මහඟු උපකාරයක් වන බවත් මහ බැංකුව තවදුරටත් මහජනතාවට දැනුම් දෙයි.

  • ශ්‍යාම් නුවන් ගනේවත්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම් . . .

Sat Jan 20 , 2024
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීමට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය. පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x