ප්‍රසන්න රාජපක්ෂලාට පා පහර දෙයි . . .

රාජපක්ෂ පවුලේ සමීපතම ගෝලයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකම ගැලවුම්කරුවා ලෙස තෝරා ගෙන සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ඔහු හම්බන්තොටදී සහභාගී වූ උත්සවයක් අමතමින් රට බේර ගන්න පුලුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම, මේ අවස්ථාවේදී අත්හදා බැලීම් නොකළ යුතු බවද රාජපක්ෂලාගේ යුගය අවසන් කළ යුතු බව ද, අනියමින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ චෝදනාවකට අධිකරණයෙන් වරදකරු කර ඇති අතර රාජපක්ෂ පවුල සමඟ සම්බන්ධවී දේශපාලනය කිරීමෙන් මේ දක්වා තම ගැලවීම සලසා ගෙන දැන් රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි කටයුතු කරන බව සහ ඔහු එකම ගැලවුම්කරුවා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තට විරෝධය පා පන්නා ගනී . . .

Sat Jan 20 , 2024
ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ගවල නියැලී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව ජනතා ප්‍රතිචාර විශාල වශයෙන් ඉහළ යමින් පවතින අතර ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ද පලවා හැරීමේ සිද්ධියක් අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබේ. පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩ සටහනක් බව කියමින් සනත් නිශාන්ත එම ගම්මානයට ගොස් ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x