සනත් නිශාන්තට විරෝධය පා පන්නා ගනී . . .

ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ගවල නියැලී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව ජනතා ප්‍රතිචාර විශාල වශයෙන් ඉහළ යමින් පවතින අතර ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ද පලවා හැරීමේ සිද්ධියක් අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබේ.

පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩ සටහනක් බව කියමින් සනත් නිශාන්ත එම ගම්මානයට ගොස් ඇති අතර ඊයේ (19) සවස 1ට පමණ ප්‍රදේශවාසීන් විසින් දිගින් දිගටම විරෝධය පාමින් ඔහුව පන්නා ගෙන ඇති බව වාර්තා කර තිබේ.

මෙයට පෙර පාසල් දරුවන්ට අභ්‍යාස පොත් බෙදීමට ගිය ඇමති නිමල් සිරිපාල, නායයාමෙන් අවතැන් වූ පස්සර ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදීමට ගිය රාජ්‍ය ඇමති චාමර සම්පත්, ආසන්න පසුගිය සති දෙක තුළදී ජනතාව විසින් විරෝධය පා පලවා හැර තිබිණි.

ගෝල්ෆේස්හි පැවති සාමකාමී මහජන අරගලයට 2022 මැයි 09 දින පොලිසිය සහ රාජපක්ෂ මැරයන් සමඟ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමට ගිය ප්‍රධාන මැරයෙකු ලෙස සනත් නිශාන්ත පිළිබඳව වීඩියෝ සාක්ෂි පවා තිබේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජිත්ගෙන් කතානායකට හදිසි ලිපියක් . . .

Sat Jan 20 , 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකර තිබේ. මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවයි, එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x