උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක් . . .

උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති බව ද ප්‍රදේශීය වාර්තාකරුවන් සඳහන් කරයි හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්තැඩන් වත්ත ප්‍රදේශයෙන් අද  (23)  පස්වරු 3 ට පමණ හටගෙන ඇති මෙම ගින්න උඩරට දුම්රිය මාර්ගයේ 106 ½  සැතපුම් කණුව අසලටම පැතිර ගොස් තිබුණි.

ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවට හැටන් පොලිසිය සැකකරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස හැටන් පොලිස් කොට්ඨාශභාර  පොලිස් අධිකාරි නිපුණ දෙහිගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වාහන හිමිකරුවන්ට විශේෂ නිවේදනයක් . . .

Tue Jan 23 , 2024
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය. පොලිසිය සී.සී.ටී.වී. පරීක්‍ෂා කර දඩකොළ නිකුත් කිරීමේදී අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ කොළ යොමු කරන බවත් එම වාහනය වෙනත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x