සීනි බදු වංචාවේ පරීක්ෂණ අවසන් . . .

සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

එම පරීක්ෂණයේ ලිපි ගොනු උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇතැයි ඔහු පැවසීය.

එසේ කර ඇත්තේ එම වංචාවට නඩු දැමීම සඳහා උපදෙස් ලබාගැනීමට බව ඔහු කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආයතන 12ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කර ඇති බවත් එමගින් ආයතන 6කින් ඔවුන් ලැබූ ලාබයෙන් රුපියල් කෝටි 31ක් අයකර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය ඒ බව හෙළිකළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිහාල් තල්දූවට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් . . .

Wed Jan 24 , 2024
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත් කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂ උපාධිය ලබා භූගෝලීය තොරතුරු පද්ධති හා දූරස්ථ සංවේදය පිළිබඳ විද්‍යාපති උපාධිය හිමි කරගෙන ඇත. එමෙන් ම, ශ්‍රී ලංකා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x