අගමැති නිල නිවස පුද්ගලික අංශයට බදු දෙයි . . .

විසුම්පාය ඇතුළු කොළඹ නගරයේ රජය සතු ගොඩනැගිලි කිහිපයක් බදු පදනම යටතේ පෞද්ගලික අංශයට කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇතිබව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද පැවසීය.

ඒ අනුව කෆූර් ගොඩනැගිල්ල ,තේ කෞතුකාගාර ගොඩනැගිල්ල සහ ඩී.ආර්.විජේවර්ධන මාවතෙ පිහිටි අක්කර 03ක ඉඩම් දෙකක් ද ඒ අනුව බදු පදනම යටතේ ලබාදීමට නියමිතයි.

මේවනවිටත් ආයෝජකයින් කිහිප දෙනෙකු සමඟ එකඟතාවයන් ඇතිකර ගෙන ඇතිබව ලේකම්වරයා පැවසීය.

මීට අමතරව නුවරඑළියේ පිහිටි තවත් රජයේ ගොඩනැගිල්ලක් ද බදු පදනම මත ලබා දෙන ගොඩනැගිලි අතරට අයත් වෙයි.

මෙම ගොඩනැගිලි සහ ඉඩම් සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස සංවර්ධනය කර ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

එම ගොඩනැගිලි වල පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානියක් නොවන ලෙස පෞද්ගලික අංශයේ සේවා සඳහා ලබා දෙන බව පැවසීය.

යූනියන් ප්‍රදෙසේ පිහිටි විසුම්පාය ගොඩනැගිල්ල හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ,හිටපු අග්‍රාමාත්‍ය දීමූජයරත්න ,අනුරුද්ධ රත්වත්තේ ,ලක්ෂ්මන් කදිරගාමර් ,මංගල සමරවීර සහ මහාචාර්ය ජී.එල්.පීරිස් යන අමාත්‍යවරුන් සිය නිල නිවාස ලෙස භාවිතා කෙරිණි.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අපට දිගටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න . . .

Fri Jan 26 , 2024
“ජනතාවට පුළුවන් තරම් කියන්නේ අපිට නිවන් සුව ප්‍රර්ථනා කරන්න කියලා” යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවසීය. සමාජ මාධ්‍ය හරහා තමා ඇතුළු දේශපාලඥයන්ට නිවන් සුව ප්‍රර්ථනා කිරීම කිසිම මොහොතක නතර කරන්න යැයි නොපවසන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x