සනත් නිශාන්තට සුපිරි වන්දියක් . . .

මාරක රිය අනතුරෙන් මියගිය සනත් නිශාන්තට රුපියල් කෝටි ගණනක සුපිරි වන්දියක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි තොරතුරු අනාවරණය වේ.

මෙම වන්දි ලබාදීම සඳහා මූලික වී ක්‍රියා කරන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. ඔහුගේ සැලසුම වී තිබෙන්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගන්නා පත්‍රිකාවක් අනුව යමින් වන්දි මුදල ගෙවීමට හෝ එසේ කළ නොහැකි නම් ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කර ගෙන වන්දි ගෙවීමට ය.

එහෙත්, මේ සඳහා කොපමණ මුදලක් ගෙවන්නේ දැයි අවසන් එකඟතාවයකට මේ දක්වා පැමිණ නැත. මේ අතර මියගිය සනත් නිශාන්ත වෙනුවෙන් රක්ෂණ වන්දි ලබා ගැනීමේ බරපතළ ගැටළුවක් මතුවී ඇති බවත් එය නිරාකරණය කර ගැනීමට දේශපාලන උපක්‍රම යෙදීමට සූදානම් වන බව ද වාර්තා වේ. මිය ගිය සනත් නිශාන්ත මෙන් ම සුපිරි රථයේ රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත. බීමතින් රිය පදවා සිදු කර ගන්නා අනතුරුවලදී රක්ෂණ වන්දි ගෙවීමක් සිදු නොකෙරේ. මෙම නීතිමය තත්වය නොසලකා වන්දි ලබා ගැනීමට අදාළ බලපෑම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

පසුගිය සතියේ නාරම්මලදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු මහජනතාව ඉදිරිපිට ලොරි රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පමණක් එම පවුල වෙත වැඩ බලන පොලිස්පති විසින් ලබා දී තිබිණි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අභයාරාමයට උදව් කළේ රනිල් විතරයි . . .

Sat Jan 27 , 2024
සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ. අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x