ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට . . .

ද (29) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල ඔහුගේ Youtube සමාජ මාධ්‍යයෙහි පලකර තිබීම හේතුවෙන් ය.

අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මීට පෙර පියත් නිකේෂල 2023 වසරේ ජූනි 26 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

ඒ 2022 වසරේ ජූලි 09 වන දා අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වු අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී ය.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක් . . .

Mon Jan 29 , 2024
22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය. එම සම්මානය හිමිවූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ” රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙන් වන අතර සිය කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂණයට මෙවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වීම සුවිශේෂි කරුණකි. ඔහුගේ මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x