ඊලාම් සිතියම සරුංගලයක් වී ගුවනට . . .

මුලතිව් මුහුදු වෙරලේ 28 දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

මුලතිව් වෙරලට අලංකාරයක් ඒක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය සඳහා මුලතිව් දිස්ත්‍රීක්කයේ බාල මහලු බොහෝ පිරිසක් සිය සරුංගල් නිර්මාණයන් ගුවනට යවමින් විනෝද වූහ.

කෙසේ වෙතත් මේ අතරේ යුද සමයේදී ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊලාම් සිතයම හා ඒම සංවිධානය ජාතක ධජය ලෙසින් හැඳින් වූ නියගලා මලද අඩංගු කරමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවන්ගත කිරීම හේතුවෙන් ඒම සරුංගලය කාගෙත් අවධානයට යොමු විය.

කෙසේ වෙතත් අදාල සරුංගලය පිළිබඳව මුලතිව් පොලීසියට කරුණු අනාවරනය වීමෙන් පසුව  අදාල තරුණයා සොයා ප්‍රශ්ණ කිරීමට පියවර ගත් බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පියවර ගනු ලැබීය.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදීද සෑම වසරකම ජනවාරී මස තෛපොන්ගල් දිනට සමගාමීව විශාල සරුංගල් සැණකෙලියක් සංවිධානය කෙරෙන අතර ඒයට සමගාමීව මුලතිව් මුහුදු වෙරලේදීද ඉදිරියේදී සරුංගල් සැණකෙලි සංවිධානය කරන බවට මුලතිව් සරුංගල් සැණකෙලිය සංවිධානය කරන ලද තරුණයින් වැඩිදුරටත් පැවසූහ.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සන්නස්ගල එක්ක සාකච්ඡාව කලේ ගංජා ගහලයි . . .

Tue Jan 30 , 2024
උපුල් සාන්ත සන්නස්ගල සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡා කළේ ගංජා භාවිතා කිරීමට ලබාදීමෙන් පසුව බව විශ්ව බුද්ධා නමින් තමන් හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් සඳහන් කර තිබේ. ඇප කොන්දේසි කඩකිරීම මත යළි අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අධිකරණය ඉදිරිපත් කළේය. ‘බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x