වකුගඩුවක් විකුණා කුඩු බිස්නස් අරඹයි . . .

තම වකුගඩුවක් විකුණා රුපියල් ලක්‍ෂ හතක මුදලක් ලබාගෙන එම මුදල යොදවා අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට මුදල් නොමැතිකම නිසා තම වකුගඩුවක් අලෙවි කළ බවද පොලිසියට සැකකරු කියා තිබේ.

අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද පුද්ගලයා පෙබරවාරි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඊලාම් සිතියම සරුංගලයක් වී ගුවනට . . .

Tue Jan 30 , 2024
මුලතිව් මුහුදු වෙරලේ 28 දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. මුලතිව් වෙරලට අලංකාරයක් ඒක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x