මන්නාරම් දුපතට සුළං බල මධ්‍යස්ථානයක් . . .

මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

ආසියා සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටයිබයින හයක් සවිකිරීම මගින් විදුලි උත්පාදනය ඉහළ නංවා ගැනීම මෙහි අරමුණ වී ඇත.

පෞද්ගලික අංශයේ ආයෝජකයින් මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අදහස වී ඇති අතර වසර විස්සක මෙහෙයුම් කාලසීමාවක් සහිතව අදාල බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇත.

රජයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන තෙක් ආසියා සංවර්ධන බැංකු අරමුදල් භාවිත කිරීමට හැකියාවක් නැති බැවින් මෙම  ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි . . .

Wed Jan 31 , 2024
මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී තිබේ. ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x