කනත්තේ අන්නාසි වගා කරලා . . .

මීරිගම හේනේගම ප්‍රදේශයේ, සුසාන භූමියක් තුළ අන්නාසි වගා කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්වූ පුවතක් වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ මරණාධාර සමිතියේ අනුමැතියෙන් එහි භාණ්ඩාගාරිකවරයා විසින් මෙම අන්නාසි වගාව කරගෙන යන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ, මීට වසර 15කට පමණ පෙර මෙම අන්නාසි වගාව ආරම්භ කළ බවත් එවිට ගම්වාසීන්ද විරෝධතාවක් මතු නොකළ බවත්ය.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, අන්නාසි වගාව ව්‍යාප්‍ත කිරීම හේතුවෙන් අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත සුසාන භූමියේ මේ වන විට භූමදාන කටයුතු සඳහා ඉතිරිව අත්තේ පර්චස් 5ක වපසරියක් පමණක් බවයි.

එමෙන්ම මේ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළද ඊට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී වික්‍රම ගෝ හෝම් . . .

Thu Feb 1 , 2024
භේදය සහ අවස්ථාවාදය වනාහි මානව ධර්මයක් වුවද ඒවා යටපත් නොකරගත් වන, ඉහ වහා යන්නේ තමන්ගේම නිදහස බව නිදහස් සමරුවට පෙරවදනක් ලෙස මේ තීරුව දක්වන්නේය. මේ දිනවල නිදහස් උත්සවය සඳහා වන පෙරහුරු පැවැත්වේ. එවන් පෙරහුරුවක් ලෙස මෙතැන් පටන් නිදහස තෙක් මේ තීරුව ද ‘අතීතයේ කතා’ කිහිපයක් දක්වනු රිසියැ. සිංහලයේ රජතුමා අල්ලාගත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x