ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වෙයි . . .

කෘතහස්ත මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 93 වන වියේ පසු විය.

සන්ඩේ ඔබ්සර්වර් සහ ඔබ්සර්වර් (ඩේලි) පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 50 දශකයේ ප්‍රකට මධ්‍යවේදින් වන ක්ලැරන්ස් ප්‍රනාන්දු, ඩෙන්සිල් පීරිස් වැන්නවුන්ගේ සමකාලීනයෙකි.

කෙසේ වෙතත්, ඔහු 70 දශකයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය.

එහි සිට ඩේලි නිව්ස් පුවත්පතට විවිධ ලිපි සහ විශේෂාංග සැපයූ අතර එම ලිපිවල පළවූ අදහස් ඔස්ට්‍රේලියාවේ සහ වෙනත් රටවල ද ශ්‍රී ලාංකික සම්බන්ධතා සම්බන්ධයෙන් වැදගත්කොට සැලකිණි.

ඔහු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වන්නේ 1990 වසරේදී ය.

තීරු ලිපි සහ කතුවැකි රචකයකු ලෙස විවිධ ලේඛන ශිල්පීය ක්‍රම මාධ්‍ය කලාවට හඳුන්වා දුන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ද ඔහු ප්‍රකට ය.

ඔහු ශ්‍රී ලංකා කර්තෘ සංසදය ජීවිතයේ එක්වරක් පමණක් ලබා දෙන සම්මානයකින් පිදුම් ලැබූ ජනමාධ්‍යවේදියෙකු විය.

මහින්දපාල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට (පෙබ. 2) සවස 4:00ට සිදු කිරීමට නියමිත ය.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද (පෙබ. 1) පෙරවරු 9:00 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවමංගල්‍ය පෙරහර හෙට (පෙබ. 2) පස්වරු 3.30ට ජයරත්න මල් ශාලාවෙන් පිටත් වේ.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නව විදුලි සබඳතා වාරික ක්‍රමයට . . .

Thu Feb 1 , 2024
නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. 2024 වසරේ විදුලිබල උත්පාදන සැලසුම, අයක්‍රමය, සේවාවන් වල වියදම්, විදුලිබල උත්පාදනය සදහා අවශ්‍ය වන ඉන්ධන වල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x