කෙහෙළිය CIDයට පැමිණෙයි . . .

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නිපදවා රජයට අලෙවි කර මහා මුදල් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ඔහුට එහි පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඊයේ (01) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරීම හේතුවෙනි.

කෙසේ වෙතත් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ දැනුම් දීමකට අනුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල එහි නොපැමිණ වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට වත්මන් පොහොට්ටු + රනිල් ආණ්ඩුවේ පරිසර ඇමති ලෙස කටයුතු කරමින් සිටී.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාන් ගෙඩියටත් ගැසට්ටුවක් . . .

Fri Feb 2 , 2024
පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය. පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය. විකිණීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x