දිනේෂ්ගෙන් කොකා පෙන්වීමක් . . .

රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් හට ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නා කුලී පදනම මත ලබාදිය යුතු නිල නිවාස ලබා නොදී කට්ටි පැනීමේ ක්‍රියාමාර්ගයක් රාජ්‍ය පරිපාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන අනුගමනය කරමින් සිටින බව අනාවරණය වේ.

කොළඹින් බැහැර ප්‍රදේශවල සිට රාජකාරි කටයුතු සඳහා පැමිණෙන එම නිලධාරීන් හට නවාතැන් ගැනීමේ නිල නිවාස ලෙස මෙම නිවාස සැපයීම සිදු කරයි. කිරිබත්ගොඩ අලුතින් ඉදිකරන ලද එම නිවාස සංකීර්ණයේ නිවාස වසර කීපයක සිට ලබාදීම සිදු කර නොතිබිණි. පසුගිය ජනවාරි 01 දින සිට ඒවා ලබාදීමට කුසපත් ඇදීම මගින් සුදුස්සන් තෝරා ගෙන සියලු කටයුතු සම්පූර්ණ කර තිබුණද යළිත් එය කල් දමා තිබේ.

මෙම නිවාස ලබාදීමේ දී අදාළ රාජ්‍ය පරිපාලන නිලධාරියාගේ මූලික වැටුපෙන් අටෙන් එකක් කුලී අය කිරීමේ පදනම මත ලබා දීම සිදු කරයි. මේ නිසා රජයට විශාල ආදායමක් ද අහිමි වී ගොස් ඇති අතර අදාළ නිලධාරීන් මූලික වියදම් සඳහා දරන ලද මුදල් ද අපතේ ගොස් තිබේ. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ අවශ්‍යතා අනුව තෝරා ගන්නා නිලධාරීන්ට මේවා ලබාදීමට සූදානමක් ඇතැයි බලපතළ සැකයක් ඇති වී තිබේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Easy Cash, M-Cash යුක්තියෙන් වටලයි . . .

Fri Feb 2 , 2024
මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් Easy Cash සහ M-Cash වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව, එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිළධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරිණි. එහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x