වැලන්ටයින් දින පෙම්බස් බැරිලු . . .

පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී රනිල් වික්‍රමසිංහ සෘජුවම හමුවීමට ජනාධිපති කාර්යාලට පැමිණෙන බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති.

එදිනට පැමිණෙන්නේ ආදර බස් දෙඩවීමට නොව මහජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට බවත් පවසන උන්වහන්සේ පසුගිය දිනවල මෙන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සූදානම් නොකර සාකච්ඡාවකට එන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක් කරයි.

රට චිකාගෝවක් බවට පත් කරමින් අධික බදු පනවා ජනතාවට දුක් විඳින තත්ත්වයට පත්කර පාලකයන් සැප විඳින තත්ත්වයක් රට තුළ මතුව ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

එනිසා රජයේ නාස්තිකාර වියදම් වහා නවතා ජීවන බරින් මිරිකී සිටින ජනතාවට සහන වහා ලබා දෙන්නයි රටේ ප්‍රධානියාට සෘජුව පවසන්නට මෙම අවස්ථාවට සහභාගී වන්නැයි ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බෙලිඅත්ත පිවිසුමේ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි පනී . . .

Fri Feb 2 , 2024
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩික්කරුවන් දෙදෙනකු ඩුබායි වෙත පලා ගොස් ඇති බවට පොලිසියට සාක්ෂියක් ලැබී ඇත. ඒ අදාළ සිදුවීමට සැකපිට කාන්තාවක සහ ඇයගේ පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය. පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට නාවික හමුදාවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x