උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තු කල් යයි . . .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී තිබෙන බව වාර්තා වනවා.

ඒ, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බව ප්‍රකාශ කරමින්.

මේ අනුව, උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබාදුන් විශේෂ දීමනාව මෙවර කප්පාදු කර ඇති බවයි, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පැවසුවේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අවශ්‍ය මුදල් නිසි ආකාරයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.

නමුත්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පැවසුවේ, මීට පෙර පැවති උත්තර පත්‍ර පරීක්ෂා කිරීම්වලට අදාළ ගෙවීම් පවා මෙතෙක් සිදුකර නොමැති බවයි.

ස්ටාලින් එලෙස පැවසුව ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අවශ්‍ය මුදල් මීට පෙර ලබාදුන් ආකාරයටම මෙවර ද ලබාදෙන බවයි.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැලන්ටයින් දින පෙම්බස් බැරිලු . . .

Fri Feb 2 , 2024
පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී රනිල් වික්‍රමසිංහ සෘජුවම හමුවීමට ජනාධිපති කාර්යාලට පැමිණෙන බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති. එදිනට පැමිණෙන්නේ ආදර බස් දෙඩවීමට නොව මහජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට බවත් පවසන උන්වහන්සේ පසුගිය දිනවල මෙන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සූදානම් නොකර සාකච්ඡාවකට එන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x