Easy Cash, M-Cash යුක්තියෙන් වටලයි . . .

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් Easy Cash සහ M-Cash වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව, එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිළධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරිණි.

එහිදී Easy Cash සහ M-Cash මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන (communications) 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වානිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකරන ලදී.

එහිදී පුද්ගලයින් 316 දෙ⁣නෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20 ක් සහ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු සිටින බවට හදුනාගෙන ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බව පොලිස් මුලස්ථානය වැඩිදුරත් සදහන් කරයි.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනපති පැය එකහමාරක විශේෂ සාකච්ඡාවක් . . .

Fri Feb 2 , 2024
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අවධාරණය කර සිටිනවා. ජනාධිපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්, ඔහු මේ බව කියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x