මං රනිල්ගෙ ගොට්ටෙක් නෙමෙයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට  කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ ගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා කීය.

එය තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පැවසීය .

එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කීය .

ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි .

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිළියක් එක්ක නිලමේ ගහපු ගේම . . .

Sun Feb 4 , 2024
“මම ඉගැන්වීමට උපන්නෙකි“ යැයි කියා සක්විති රණසිංහ මුළු රටටම පාඩමක් කියාදුන්නේ වැඩි පොලියට රැවටී ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙසය. ඒ සක්විති රණසිංහ ද මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ජනතාව හොඳටම අන්දවා ලොකු ගාණක් පොලු තබා රටිනුත් පැන ගිය බැවිනි. මුදල් වංචාවක් සිදුවූ විට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x