සුවසැරිය ගිලන්රථ සේවයේ දැඩි සේවක හිඟයක් . . .

සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තත්වය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන්න රථ 21 න් ගිලන් රථ 8 ක් පමණක් මේ වන විට සේවයේ යෙදවීමේ අවස්ථාව උදාවී ඇති බව කී එම නිලධාරියා එහි සේවය කළ රියදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බව ද සඳහන් කළේය.

සුවසැරිය ගිලන්රථ සේවයේ සේවය කළේ යන සේවා සහතිකයට විදේශ රටවල්වල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් එම ගිලන් රථ සේවයේ සේවකයන් විදේශගත වීම ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය ණයෙන් බෙහෙත් ගේන්න අත්සන් කලේ බැසිල් . . .

Mon Feb 5 , 2024
ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි. ‘ඉන්දීය ණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x