රනිල්ගේ ගෙට ගිණිතැබීමට සම්බන්ධ ගුරුවරයාට ඇප . . .

අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ අද (06) නියම කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරුවරයකු බව කියන ජේ. එම්.විමලරත්න නැමැති අයෙක් වන අතර රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට නියම කරන ලදී.

අදාළ පැමිණීල්ල යළි කැඳවන අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කළේය.

2022 ජුලි මස 09 වැනිදා එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා අදාළ නිවස සහිත ඉඩමට අයුතු ලෙස ඇතුල්වීම, භාන්ඩ සොරකම් කිරීම යන සිද්ධීන් මත වසරකුත් මාස 07 පමණ කාලයකට පසු රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණී.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කරන ලදී.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොඳටම කරනවා කිව්වට කවුරුත් හොඳටම කළේ නෑ . . .

Tue Feb 6 , 2024
පාරවල බැරියර් දමා ආරක්ෂක මුර භට කණ්ඩායම් යොදවා රටේ පොදුජනතාවට සහභාගි වීමට අවස්ථාව නොදී 76 වැනි නිදහස සැමරීම විහිලුවක් බවත් නිදහස් දින ජාතික උත්සවයට රටේ පොදු ජනතාවට සහභාගී වීමට නොහැකි ලෙස අවහිර කර තහනම් කර ඇති නම් එහි නිදහසක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. මාර්ගගත සුරක්ෂිතභාවය කියා ජනතාවගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x