හෙදියන් නිල ඇදුම් නැතිව වැඩට එති . . .

අද දිනයේ තම සංගමයේ හෙද හෙදියන් නිල ඇඳුමක් නොමැතිව වෙනත් පහසු ඇඳුමකින් සේවයට වාර්තා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.

එක්සත් රට පුරා සියළු රෝහල්වල තමන් අභිමත ඇඳුමක් ඇඳගෙන සෙරෙප්පු දමාගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

රෝගී සත්කාර සේවා බිඳදමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් නැති බවද පැවසූ උන්වහන්සේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හරහා ජාත්‍යන්තරයට පවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන නරක අදහසක් ඇතිවනු ඇති බවද කියා සිටියහ.

අද දිනයේ සිට සතියක කාලයක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවත් ඒ සඳහා ප්‍රතිචාරයක් දැක්වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකළහොත් වෘත්තිය ක්‍රියා මාර්ගය දැඩි කරන බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

රජය විසින් පොරොන්දු වී චක්‍රලේක පවා නිකුත් කර ඇති රුපියල් දස දහසය දීමනාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම ක්‍රියා මාර්ග ගන්නා බවත් උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙලිය බන්ධනාගාරයේ කෑම කන්න බෑ කියයි . . .

Tue Feb 6 , 2024
තමන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන කෑම ගත නොහැකි බවත් නිවසෙන් පිළියෙල කළ ආහාර අවශ්‍ය බවත් ව්‍යාජ ඖෂධ වංචාව සම්බන්ධ නඩුවට අදාළව බන්ධනාගාර රෝහල් ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති මෙන්ම වත්මන් පරිසර ඇමති කෙහෙලිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම අසනීප තත්වයන් හේතුවෙන් ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x