පාවෙන රත්‍රං . . .

පාවෙන රත්‍රං නමින් හැදින්වෙන මෙරට අලෙවි කිරීමට හෝ ව්‍යාපාර කිරීමට තහනම් වන අම්බර කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට තිබෙයි.

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින්මොවුන්  අත්අඩංගුවට ගෙන ඇත.

මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවු: 25-30ත් අතර පසුවන නකුළුගමුවේ පදිංචිකරුවන් වේ .

වර්තමාන වෙළදපොළ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වන මෙම අම්බර (Sperm Whale) වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති තල්මසුන්ගේ ශරීරයෙන් ස්වභාවිකව නිකුත් කරනු ලබන ශුක්‍රාණු සහ වමනය වෙයි.

මේවා සුවඳ විලවුන් නිෂ්පාදිතයින් අතර වැඩි ඉල්ලුමක් පවතින බවත් එමගින් සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ කාලීනව පවත්වා ගැනීම සදහා යොදාගන්නා බවටත් පැවසෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අපස්මාරය දරුවාට වැරදි බෙහෙත් දීලා . . .

Wed Feb 7 , 2024
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ. එම දරුවා උපතින්ම අපස්මාර රෝගයෙන් පෙළීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x