ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ . . .

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක් දක්වා ප්‍රමාණයකින් වැඩි බව එම විශේලේෂණයෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ වුවත් එම ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100 පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පාකිස්තානයේ නිවෙසකට වඩා සියයට 50 කින් ඉහළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. ඒකක 300 පාවිච්චි කරන නිවෙසක් ගෙවිය යුතු ගාස්තුව පකිස්තානයේ නිවෙසකට වඩා සියයට 97 කින් ඉහළ  බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. මෙම මාසයේදී සැලසුම් කර ඇති බදු අඩුකිරීම යටතේ සියයට 4 කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.එසේ අඩු කළද ශ්‍රී ලංකාවේ නිවෙස් වලට දකුණු ආසියා කලාපයේ ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒකක 100, 200 සහ 300 ක විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන නිවසකින් ශ්‍රී ලංකාව කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේ දැයි මෙම විශ්ලේෂණයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විමසුමට ලක් කර ඇත. මෙම විශ්ලේෂණයේදී සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නොමැත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රාජකාරි වෙලාවෙන් පසු සේවකයන්ට ඇමතුම් බෑ . . .

Thu Feb 8 , 2024
තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි. එම නීතිය උල්ලංඝනය කරන හාම්පුතුන්ට එරෙහි ව දඩ නියම කිරීමට ද එහි ප්‍රතිපාදන පවතින බව වාර්තා වේ. එරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x