ජෝර්දානයේ රැකියා අහිමි වූ ලාංකිකයින් යළි මෙරටට . . .

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ තිබූ ඇගලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල් වල  අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු අද (09) අලුයම තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නැමැති මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් කිසිවෙකුටත් නොදන්නා පළා යාම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකික, බංගලදේශ, ඉන්දීය සහ නේපාල ජාතික සේවකයින් වැටුප්, ආහාරපාන, ජලය, විදුලිය නොමැතිව අසරණ වී තිබේ.

එහිදී මෙම කර්මාන්තශාලා වලින් ජැකට් සහ ටී ෂර්ට් මිළදී ගත් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු මෙම කර්මාන්තශාලා සේවකයින් හට අවශ්‍ය පහසුකම් සළසා දෙමින්, එම සේවකයින්ට තම මව් රට බලා යන තෙක් උදව් උපකාර කර තිබේ.

මෙම කර්මාන්තශාලා වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මැදිහත් වී, විශේෂඥ නීතීඥ සහාය ලබා දෙමින් ජෝර්දාන කම්කරු දෙපාර්තමේන්තුව සමග එකගතා ඇති කර ගනිමින් කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම ශ්‍රී ලාංකික සේවකයින් හට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර, හිග වැටුප්, නිවාඩු සදහා ගෙවන වැටුප්, සමාජ ආරක්ෂණ දායක මුදල් මෙන්ම වීසා නොමැතිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු දඩ මුදල් කපා හැරීම ඇතුළු සියලුම වරප්‍රසාදයන් හිමි වී තිබුණි.

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 61 දෙනෙකු කුවේට් සිට 02/09 දින අලුයම 02.15 ට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් ද , තවත් 05 දෙනෙකු දෝහා සිට අද (09) දින අලුයම 02.55 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේම ජෝර්දානයේ වසා දැමූ කර්මාන්තශාලාවේ සේවය කළ ඉතිරි ශ්‍රී ලාංකිකයන් පිරිස ද ඉදිරි දින දෙක තුළ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටිති.

මීට අමතරව ඩුබායි සිට එරට තානාපති කාර්යාලයේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 17 දෙනෙකු ද අද (09) දින අලුයම 05.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් සියලු දෙනා භාර ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ කළමනාකරු අමරා මුතුකුමාරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

  • ටී.කේ.ජී.කපිල – කටුනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

යලිත් විදුලි අර්බුදයක් එන ලකුණු . . .

Fri Feb 9 , 2024
යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පවසා ඇත. මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කඳවා තිබු අතර එහිදී පසුගිය කාලය තුළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x